පිළියන්දල එස් ඕ එස් ගම්මානයේ ළමුන් 50කට කොරෝනා

පිළියන්දල එස්ඕඑස් ගම්මානයේ දරුවන් ඇතුළු විශාල පිරිසකට කොවිඩ් -19 වැලඳී ඇතැයි වාර්තා වනවා.

එම ගම්මානයේ වෙසෙන දරුවන් 50 පමණ ඇතුළු 91 දෙනෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අනාවරණ කර තිබෙනවා.

මේ වන විට එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම බාහිරව සිට පැමිණෙන සියලුම දරුවන්ගේ ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ගම්මානයේ අධ්‍යක්ෂකවරයා සදහන් කළා.

පුවත යවන්න