රුසියාවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව දෙස බැලීමේ දී මැතිවරණ සදහා ජනතාවගේ ඇති උනන්දුව පිළිඹිබු වෙන බව ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සදහන් කරනවා.
මෙවර මැතිවරණයේ දී සියයට පනස් එකක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. 2016 වසරට සාපේක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට හතරකින් ඉහළ ගොස් ඇති බවයි රුසියා මැතිවරණ කොමිසම සදහන් කරන්නේ. දින තුනක් පුරා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ පාලක එක්සත් රුසියා පක්ෂය ජයග්‍රහණය කළා. එම පක්ෂය සියයට පනහකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර කමියුනිස්ට් පක්ෂයට ලබා ගත හැකි වූයේ සියයට දහ නවයකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් පමණයි.