පුද්ගලයකුගේ දෑත් කපා රැගෙන ගිය සැකකරු සොයා මෙහෙයුම්

මොරටුව,කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී විදුලි කාර්මිකයෙකුගේ දෑත් කපා රැගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, තියුණු ආයුධයෙන් පහරදී දෑත් කැපී වෙන්වූ පසු වෙන්වූ දෑත් රැගෙන යන ආකාරය CCTV   කැමරාවක සටහන්වී ඇති බවයි.

ඊයේ (21) රාත්‍රී 7.00 ට පමණ අසල්වැසි නිවෙස් දෙකක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් එම පහරදීම සිදුව තිබෙන අතර 40 හැවිරිදි තුවාල ලැබූ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

පුවත යවන්න