පූජිත් ට හා හේමසිරි ට චෝදනා පත්‍ර භාරදෙයි

සහරාන් හෂීම් සමග මුස්ලිම් අන්තවාදීන් 2019 අප්‍රේල් 21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම ඇතුළු අධිචෝදනා 855 ක් සහිත අධිචෝදනා පත්‍රය අද(01) කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට භාරදෙනු ලැබුවේ ය.

අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට කියවාදී සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 22 වැනිදා ආරම්භ කිරීමට දින නියම කෙරිණ.

පැමිණිලේලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන්ට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට විනිසුරු මඩුල්ල අද නියෝග කළේ ය.

නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම නඩු දෙක විභාග කිරීම සඳහා නාමල් බලල්ලේ , ආදිත්‍ය පටබැදිගේ සහ මොහොමඩ් ඊර්සදීන් යන විනිසුරු මඬුල්ල පත් කර තිබුණි.

පුවත යවන්න