ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නායක භට රොෂාන් අබේසුන්දර පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර දෙවරක් පිහිනා නව වාර්තාවක් පිහිටුවීමට අද සමත්වුණා.
තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළ බලා පිහිනා යළි පැමිණීමට ඔහු ගත කළේ පැය විසි අටයි විනාඩි 19යි තත්පර 58 ක වාර්තාගත කාලයක්.
කිලෝමීටර 60 ක් වූ මුහුදු පිහිණීම දැඩි අභියෝගයක් ලෙසයි සැළකෙන්නේ.
මීට පෙර එම දස්කම දක්වා ඇත්තේ එකම ශ්‍රී ලාංකික පිහිනුම්කරුවෙකු විසින්. ඒ, කුමාර් ආනන්දන් 1971 වසරේදී පැය 51 කින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට පිහිනා ගොස් යළි පැමිණ පිහිටවූ වාර්තාවයි.