’’බත් දුන් පියා ෂීජින් පියා’’ – විජිත හේරත්

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාවේ කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේත් පැවැත්වූ අතර එහිදී විවාදයට එක්වූ ජාතික ජන බලවේගය පක්ෂයේ විජිත හේරත් මන්ත්‍රීවරයා මහතා චීනයෙන් මෙරටට සහල් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුවේ අසාර්ථකතා මත බත් දුන් පියා බවට ෂී ජින් පියා පත්ව ඇතැයි ප්‍රකාශ කළ හැකි බවයි.
එය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිනහ ගැන්වීමට සමත්ව තිබුණා.

” දැන් බලන්න මේ ආණ්ඩුව රට ගෙනිච්ච තැන. මිනිස්සුන්ට කන්න හාල් ටිකක් නැහැ. මේ නිසා ආණ්ඩුවට අද හාල් චීනෙන් ගේන්න සිද්ධවෙලා. මෙහෙම ගියොත් නම් වැඩි කල් යන්නටත් පෙර මිනිස්සු කියාවි, මේ රටේ බත් දුන් පියා ෂීජින් පියා කියලා…”

මේ අවස්ථාවේදී කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා විජිත හේරත් මන්ත්‍රීවරයාට බාධා කරමින් රටේ ආර්ථික තත්ත්වය ගැන කිසියම් විවරණයක් කිරීමට උත්සාහ දැරුවද එහිදී විජිත හේරත් මහතා පැවසුවේ  ” ඕවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න.” යනුවෙනි.

පුවත යවන්න