අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ට චීනයට එරෙහි වීමට අවශ්‍ය නම් ඔහු ඉන්දියාව දෙස බැලිය යුතු බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත පවසනවා.
මේ සඳහා ආසියානු කලාපයේ විකල්ප බලවතා ලෙස ඉන්දියාව ශක්තිමත් කළ යුතු බවයි එම පුවත්පත පවසන්නේ.
ඇමරිකානුවන් තවදුරටත් පාකිස්තානය සමඟ සැහැල්ලු ප්රතිපත්තිවල නිරත නොවිය යුතු බවත් එමගින් අවධාරණය කර තිබෙනවා.
මේ අතර සිය සම්ප්‍රදායික ප්‍රතිවාදියා වන පකිස්ථානය සමග ඉන්දියාව සාමය වෙනුවෙන් කටයුතු කරන බැවින් නව හා ප්‍රබල සතුරා වන චීනයට එරෙහිව ඉන්දියාව කටයුතු කරන බවයි වොෂින්ටන් පෝස්ට් පවසන්නේ.
අවුරුදු 20 කට පමණ පෙර, හිටපු අමෙරිකානු බිල් ක්ලින්ටන් සඳහන් ලෙසම ඉන්දියානු උප මහාද්වීපය පොළොව මත වඩාත් භයානක ස්ථානය විය හැකි බවද මෙමගින් පෙන්වා දෙනවා.
ආසියානු කලාපයේ චීන බලය වර්ධනයට එරෙහිව එකම විකල්පය ඉන්දියාව බවයි මෙමගින් පෙන්වා දෙන්නේ.