බහුතරයක් තිබ්බත් රනිල්ට දෙන්නේ නෑ / ජනපති කියයි

සිය ජීවිත කාලය තුලදී යළිත් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ මෙරට විදෙස් පුවත් සේවාවල මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.
වික්‍රමසිංහ මහතා දූෂිතයින් ආරක්ෂා කළ බවත් විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.
එබැවින් එක්සත් ජාතික පෙරමුණට බහුතරය තිබුණද රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය ලබා නොදෙන බව සිරිසේන මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.