බ්‍රිතාන්‍ය මහාධිකරණය මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩු තීන්දුව ඉවතදමයි

බ්‍රිතාන්‍ය මහාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් අධිකරණය මගින් ලබා දී තිබු තීන්දුව ඉවත දමා තිබෙනවා.

ඒ අනුව අදාල චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥාකරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණා.

2019 දෙසැම්බර් 06 වනදා එහි තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400ක දඩ මුදලක් නියම කරන ලෙසයි.

ඊට එරෙහිව ප්‍රියංක ප්‍රනාන්දු මහතා බ්‍රිතාන්‍යයේ මහාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණා.

 

 

 

පුවත යවන්න