අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව පියවර ගත් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
ඒ අනුව ඩොලර් මිලියන 500 ක මුදලක් ගෙවීමට පියවර ගත් බවයි ඒ මහතා සදහන් කරන්නේ.
ඊට අදාළ සියලු ලිපි ලේඛණ ඊයේ වන විටම සකසා කර අවසන් කර තිබුණා. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද පැවසුවේ අත්‍යවශ්‍ය ආනයන ද සිදු කරන අතරේ ණය ගෙවීම ද නියමිත පරිදි සිදු කරන බවයි.