බුද්ධිමය දේපල පනත කැඩූ විමල්ට කෝටියක් ගෙවන්නැයි නියෝග


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කොලඹ වාණිජ මහාධිකරණය අද නියෝග කළා.

ඒ වසර 10ක් පුරා විභාග වූ නඩුවේ මූලික පෙත්සම් විභාගයෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට සහ දේශපාලන මණ්ඩලයට ටිල්වින් සිල්වා මහතා ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් කරමින් ‘නැත්ත වෙනුවට ඇත්ත’ නමින් කෘතියක් පළ කරමින් බුද්ධිය දේපළ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා මත මෙම නඩුව පවරා තිබුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.