බූස්ටර් එන්නත ඉක්මනින් ගන්න / ජනතාවට ඉල්ලීමක්

පොදු ස්ථානවලට යාමේදී එන්නත් දෙකම ලබාගැනීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නිතීපති උපදෙස් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ , බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙසයි.

මේ අතර ඉදිරියේදී පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට කොවිඩ් කමිටුව ඊයේ(10) තීරණය කළේ ය.
එමෙන්ම දෙවන මාත්‍රාව ද ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලු දෙනාට අධිමාත්‍රාව ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද(11) සිට එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින් අධිමාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සැලසෙන බවයි.

පුවත යවන්න