බොදුබල සේනා හිමිවරුන්ට එල්ලවූ ප්‍රහාරයට ජනපතිගේ කණගාටුව

ජනපති ලේකම් කාර්යාලය ඉදිරියේදී බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන්ට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් දුන් අය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව මෙම ප්‍රහාරය පිළිබද කණගාටු වන බවයි ජනාධිපතිවරයා උන්වහන්සේලා වෙත දැනුම්දී ඇත්තේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිර දඩුවම අත්හිටුවා ජනාධිපති සමාවක් ලබාදෙන මෙන් ඉල්ලමින් මෙම විරොා්ධතා පා ගමන පැවැත්වූ අතර එම හිමිවරුන් ඇතුලු පිරිසට පොලිසිය විසින් කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදී සිටියදීයි.