භාණ්ඩ වර්ග 367කට පැනවූ ආනයන සීමා තවදුරටත්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 කට පැනවූ ආනයන සීමා තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ මුදල් අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.

අදාළ තහනම පසුගිය 09 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යංශය පැවසුවේ, පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ සලකා බලා මේ තීරණය ගත් බවයි.

ඇපල් දොඩම්, මිදි, චීස්, බටර් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ විද්‍යුත් උපකරණ ඇතුළු භාණ්ඩ සඳහා මෙම ආනයන තහනම පනවා තිබේ.

පුවත යවන්න