මන්ත්‍රී වඩිවේල් කැබිනට් රැස්වීමට ගිය කතා බොරු / එජාපය කියයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද කැබිනට් රැස්වීම පැවැති ස්ථානයට පැමිණි බවට සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
වඩිවේල් සුරේෂ් මහතා එම අවස්ථාවේදීත් තමන් සිටි ස්ථානයේ රැදී සිටින බවද පණිවිඩයේ දැක්වෙනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා කැබිනට් රැස්වීමට සහභාගීවීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට බලපෑමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පවසන්නේ මන්ත්‍රීවරුන් 122නකු අත්සන් කළ විශ්වාසභංග යෝජනාවට පවා වසන්ත සේනානායක මහතා අත්සන් තබා නොතිබූ බවයි.