මනෝ ගනේෂන්ට කොරෝනා

තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන් මහතා පවසයි.

ඔහු ඒ බව තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

“රැපිඩ් ඇන්ටිජන්” පරීක්ෂණයෙන් මට “පොසිටිව්” ප්‍රතිඵලයක් ලැබී තිබෙනවා. මම දැනට හුදකලා වී ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ඉක්මනින් සනීප වෙලා එන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. #manoganesan #lka”

පුවත යවන්න