මරණ දඩුවම නියමවී සිටින පිරිසක් ආහාර වර්ජනයක

මරණ දඩුවම නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 70 දෙනෙකු ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ අද (24) දහවල් සිට මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත වී සිටින බවයි.

තමන්ට හිමිව ඇති මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් රැඳවියන් ආහාර වර්ජනයේ නිරතවී සිටින බව සඳහන්.

ත්‍රස්තවාදී පනත යටතේ සිරගත කර සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 16 දෙනෙකු ඇතුළු රැඳවියන් 93 දෙ‍නෙකුට අද විශේෂ ජනපති සමාව යටතේ නිදහස ලබාදීමෙන් පසු මහර බන්ධනාගාරයේ රැඳවියන් මෙම ආහාර වර්ජනය ආරම්භ කර තිබෙනවා.

පුවත යවන්න