මහජන උද්ඝෝෂණවලට වෙඩි තැබීමට තමන් උපදෙස් දී නැතැයි, පොලිස්පති මානව හිමිකම් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද ප්‍රකාශ කළා.
ඒ , රඹුක්කන ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් කැඳවා අවස්ථාවේදීයි.
විශේෂ සටහන ….
එම ප්‍රකාශය අනුව අදාළ පොලිස් නිලධාරීන් පොලිස්පතිවරයාගේ නියෝගයක් රහිතව එම ක්රියාවේ නිරතව ඇති අතර එය අදාළ ප්‍රකාශයට අනුව වරදක් බව ස්ථිරවම ගම්‍ය වේ.
ඒ අනුව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ හැකියාව පොලිස්පතිවරයා සතු වගකීමක් බව සිහිපත් කරනු කැමැත්තෙමු.