මහින්දට අගමැති නොකියන්නැයි එජාපය මාධ්‍යයෙන් ඉල්ලයි

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ලෙස භාවිත කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.ඒ අනුව ඔහුට අග්‍රාමාත්‍යවරයා  යන යෙදුම භාවිත කිරිමෙන් වළකින ලෙසයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය කියා සිටියේ.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරය දැරිමත් කැබිනට් මණ්ඩලය අදාළ ධූර දැරීමත් වළකාවලමින් අභියාචනාධිකරණය අද දිනයේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර හෙට ඊට අදාළව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි රාජපක්ෂ මහතා නිවේදනය කළේ.