මහින්ද – බැසිල් – කබ්රාල්ගේ විදේශ ගමන් තහනම් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ,  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා මහ බැංකු හිටපු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් හා මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් ඇතුළු පිරිසකගේ විදේශ ගමන් තහනම් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කෙරුණා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව මෙම මෝසම ඉදිරිපත් කර තිබෙනවා. හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ,  හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් හා මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්,  මුදල් අමාතයාංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල යන පුද්ගලයින්ට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි අදාළ මෝසමෙන් ඉල්ලීම් කර තිබෙනවා.

මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට ලබන 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවීමට නියමිතයි.

පුවත යවන්න