මහ මැතිවරණයක් /ජනමත විචාරණයක් හෝ විසුරුවා හැරීමක් නෑ

ජනමත විචාරණයක් / පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් මේ අවස්ථාවේ සිදු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ඊයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.
මෙහිදී නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවේ කරුණු කිහිපයක්ද සංශෝධනය කර සභාපතිවරයාගේ බලතල වැඩි කළ බවයි නිදහස් පක්ෂ මහලේකම්වරයා සදහන් කළේ.
ඒ අනුව 15 දෙනකුගෙන් සමන්විත දේශපාලන මණ්ඩලයක්ද නිදහස් පක්ෂය වෙනුවෙන් පත්කර තිබෙනවා.
ඉදිරියේදී ඒ හරහා දිස්ත්‍රීක් මට්ටමේ තනතුරු වෙනසක්ද සිදුවන බවයි දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *