මිනිසකු ඝාතනය කළ කුකුළෙක් පොලිසිය භාරයට

දකුණු ඉන්දියාවේදී මනුෂ්‍ය ඝාතන චෝදනාවක් සම්බන්ධයෙන් කුකුළකු පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ , පොර කුකුළන් කෙටවීමේ නීති විරෝධී තරගයක් අතරතුර මෙම කුකුළාගේ හිමිකරු මියගොස් ඇති බවයි.
කුකුළන් කෙටවීමේදී එම සතුන්ගේ සිරුරට කුඩා පිහිට බැගින් සවිකර තිබූ බවත් කුකුළු පොරයෙන් පසුව එම සත්ත්වයා අසලට යාමේදී හිමිකරුගේ සිරුරේ එම පිහිය ඇනී ඇති බවත් බී බී සී වාර්තා කළා.
අනතුරුව අධික ලේ වහනය මතයි එම පුද්ගලයා මියගොස් ඇත්තේ.
දකුණු ඉන්දියාවේ පොර කුකුළන් කෙටවීම තහනම් වුවද නීති විරෝධී අයුරින් මෙම කටයුතු සිදුවන බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ.
මෙම කුකුළන් කෙටවීමට එක්ව සිටි 15 දෙනකු හදුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට නියමිතයි.
පොලිසිය භාරයට ගත් කුකුළාගේ ඉරණම ද අධිකරණය හමුවේ විසදීමට නියමිතව තිබෙනවා.

පුවත යවන්න