පසුගියදා මිනුවන්ගොඩ ත්‍රි පුද්ගල ඝාතනය සිදු කිරීමේ අපරාධයට අවශ්‍ය කරන ප්‍රධාන සැකකරුවෙකු වන සංජීව ලක්මාල් සෙවීමට පොලිසිය මහජන සහාය පතයි.
මෙම පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
වයස අවුරුදු 39 ක් වන ජයගොඩගේ සංජීව දෝන සංජීව ලක්මාල් යන මෙම පුද්ගලයා අංක 10,මහින්දාරාම පාර ,ශ්‍රි ජයවර්ධන පුර ලිපිනයේ පදිංචි වී සිට තිබෙයි.
833214292 V ජාතික හැඳුනුම්පත් දරණ මෙම පුද්ගලයා පිළිබඳ කිසියම් තොරතුරක් වේ නම් පොලිසිය වෙත දන්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ සඳහා පහත දුරකථන අංක ද වෙන් කර ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගම්පහ – 0718591608
සහකාර පොලිස් අධිකාරී ගම්පහ – 0718591610
ස්ථානාධිපති මිනුවන්ගොඩ – 0718591612