මිලියන 3ක් සහභාගීවූ කුම්භමේලා උත්සවයේ කොරෝනා ආසාදිතයන් දහසක්

ඉන්දියාවේ කුම්භමේලා උත්සවයට පැමිණි හින්දු බැතිමතුන් සිය ගණනකට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණවී තිබෙනවා.
ඉන්දීය වාර්තා අනාවරණ කළේ, උත්සවය සහභාගී වී සිටින ප්‍රධාන පූජකවරුන් 9 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි.
මිලියන 3කට අධික හින්දු බැතිමතුන් පිරිසක් කුම්භමේලා උත්සවයට සහභාගී වී සිටීන අතර එය ඉන්දියාව බරපතල කොරෝනා අවදානමකට ලක් කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.

පුවත යවන්න