මෙහෙකාර සේවයේ යොදවන දරුවන් ගැන කියන්න දුරකථන අංකයක්

මෙහෙකාර සේවයේ යොදවා සිටින බාලවයස්කාර දරුවන්ගේ තොරතුරු දැනුම්දීම සඳහා පොලීසියෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල සිටින එවැනි දරුවන් සම්බන්ධයෙන් වු තොරතුරු 0112 433 333 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මේ අතර, රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයාගේ නිවසේදී පිළිස්සී මියගිය දැරියගේ දේහය භූමදානය කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භුමියට ඊයේ (27)පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

දේහය ඉදිරි දිනකදී ගොඩගැනීමට නියමිතයි.

පුවත යවන්න