මෛත්‍රීපාල සිරිසේන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (27) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුවට පෙනී සිටීම සඳහායි.

කෙසේ වෙතත් ඊට අදාළව සැකකරුවෙකු ලෙස නම් කරමින් තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ද ගොනුකර ඇත.

පුවත යවන්න