Skip to content
මොරටුවේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ අත්දෙක කපා රැගෙන ගිය පුද්ගලයා අද අධිකරණය වෙත භාරවී තිබෙනවා.
සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් මොරටුව මහේස්ත්රාත් අධිකරණය වෙත භාර වී තිබුණා.
සැකකරු විසින් පසුගිය 21 වනදා මොරටුවල කොරලවැල්ල ප්රදේශයේදී පෞද්ගලික ආරවුලකින් පසු පළිගැනීම සඳහා විදුලි කාර්මිකයකුගේ දෙඅත් කපා දමා එම කොටස් රැගෙන ගොස් තිබුණා.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 40ක එම ප්රදේශයේම පදිංචිකරුවෙකු වන අතර
ඔහු මීට පෙර පුද්ගලයෙකුගේ අතක් වෙන්වනසේ කපා දමා ඇති අතර පසුව රෝහලේදී එම අත බද්ධ කර තිබූ බවයි හෙළි ඇත්තේ.
ඊට ප්රතිචාරයක් ලෙස මෙම පුද්ගලයාගේ දෙඅත් කපා සැකකරු එම කොටස් රැගෙන යන්නට ඇති බව පොලිසිය විශ්වාසය පල කර තිබෙනවා.