මොරටුව කුරුස හන්දිය ආශ්රිතව පැවැති විරෝධතාවය හේතුවෙන් පෙරවරුවේ සිට ගාළු පාරේ හටගෙන තිබූ බාධාවන් මේ වන විට නිමාවී තිබෙනවා.
ඒ ආණ්ඩුව විසින් ලබාදුන් පොරොන්දුවක් පිළිගනිමින් විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත්වීම සමගයි.
ඒ අනුව වඩු කාර්මිකයන්ට සිය රැකියා කරගෙන යාමට විදුලි කප්පාදුව දහවල් කාලයේ සිදු නොකරන බවට පොරොන්දුවක් හිමිව ඇති අතර එය ඉටු නොවුණහොත් හෙට දිනයේදී යළිත් විරෝධතා ආරම්භ කරන බවයි මෙහිදී විරෝධතාකරුවන් සදහන් කළේ
මොරටුව විරෝධතාවය තාවකාලික ජයග්රහණයකින් අවසන් වෙයි /කුරුස හන්දියෙන් ,ගාළු පාර යළි විවෘත කරයි . වඩු කාර්මිකයන්ට සිය රැකියාවත නිතරවීම සඳහා පෙරවරුවේ හා දහවල් විදුලි කප්පාදුවේ වෙනසකට පොරොන්දුවක්. පොරොන්දු කඩ වුණොත් හෙට දිනයේදීත් විරෝධතා. #Moratuwa pic.twitter.com/z6jTu38m15
— Amal Almeda (@AlmedaAmal) April 1, 2022