ලන්ඩන් අගනුවර අපවහන නළයකින් ලබා ගත් සාම්පලවලින් පෝලියේ වයිරසය හමුවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර අපවහන නළයකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදී පෝලියේ වයිරස විෂබීජ හමු වී ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසනවා. එම විෂබීජ ඇතුළත් සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරිමටයි බ්‍රිතාන්‍ය කටයුතු කර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවධානයක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එන්නත්කරණය හරහා මහා බ්‍රිතාන්‍යයෙන් පෝලියෝ වයිරසය තුරන් කර දැමීම සිදුවූයේ මීට දශක දෙකකට පෙරයි.
එවන් පසුබිමක් තුළ පරිසරයෙන් පෝලියෝ වයිරස විෂබීජ හමුවීම බ්‍රිතාන්‍යය තුළ කැළඹීමක් ඇති කරන පුවතක් වුණා. වයිරසය හමුවුවද බ්‍රිතාන්‍යයෙන් මේ දක්වා කිසිදු පෝලියෝ ආසාදිතයෙකු වාර්තා වී නොමැති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.