යාපනය චුන්නාගම් පොලිස් වසමේ කන්දරොඩෙයි ප්රදේශයේදී අද (29) අලුයම් කාලයේදී ගෑස් ලිපක් පුපුරා ගොස් තිබෙනවා.
ගෑස් සිලින්ඩරයේ සිට ගෑස් ලිපට සවිකොට ඇති රෙගියුලේටර වයරයද උණුවී ඇති අතර හිමිකරු විසින් ගෑස් ලිප පත්තු කොට වෙනත් කාමරයකට ගිය අවස්ථාවේදී මෙලෙස ගෑස් ලිප පුපුරා ගිය බවද වාර්තා වුණා.
පිපිරීම සිදුවූ ස්ථානයේ කිසිවකුත් රැදී නොසිටීම හේතුවෙන් මෙහිදී පුද්ගල අනතුරු වාර්තා නොවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙහිදී ගෑස් ලිප හා ගෑස් ටැංකිය සම්පන්ධ කරන වයරය උණුවීමක් ද හඳුනාගෙන තිබුණා. – වන්නි – රොමේෂ් මධුසංඛ