යාපනය බන්ධනාගාරයේ කොරෝනා පොකුරක් සෑදීමේ දැඩි අවධානමක් පවතින බවටත් මේ වන විට රැඳවියන් 52 දෙනෙකු කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් යාපනය පොලීසිය පවසනවා.
යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 150 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහල මගින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කල අතර යාපනය විශ්වවිද්‍යාලයේ රසායනාගරයේදී සිදුකල පී.සී.ආර්. පරික්ෂණ වාර් ථා වලට අනුව රැඳවියන් 52 දෙදෙනෙකු කොරෝණා ආසාදිතයින් වශයෙන් ඊයේ (27) දින තහවුරු වී තිබුණා.
මේ හේතුව නිසාවේ යාපනය බන්ධනාගාරය තුල අදාල කොරෝනා ආසාදිතයින් සමීප ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනාගනිමින් ඔවුන්ද නිරෝධායනය කිරීමට සහ පී.සී.ආර්. පරික්ෂණ වෙතට යොමු කිරීමට යාපනය බන්ධනාගාර නිලධාරීන් විසින් මේ වන විට පියවර ගනිමින් සිටිනවා.
– වන්නි රොමේෂ් මධුෂංඛ