පාස්කු ප්රහාරයෙන් අගතියට පත් පාර්ශවයන්ට මෙතෙක් යුක්තිය ඉටු නොවූ බව පවසමින් කොළඹ අගරදගුරු පදවිය ප්රකාශයට පත් කළ කළු ඉරිදාව සැමරීම අද සිදුවනවා.
කළු ඇඳුමින් සැරසී කිතුනු බැතිමතුන් දේවස්ථානවලට අද පෙරවරුවේ පැමිණ සිටි අතර පෙරවරු 8.45 ට ප්රහාරය අනුස්මරණය කරමින් සියලු දේවස්ථානවල සීනුව නාද කර තිබුණා.
මේ අතර කිතුණු ජනතාවගේ නිවාසවල හා මීට සහාය පළකරන වෙනත් ආගමිකයන්ද නිවාස තුල කළු කොඩි ප්රදර්ශනය කර තිබෙනු දැකගත හැකි වුණා.