යුක්‍රේනයට රුසියාව සමග සාකච්ජා කිරීමට සිදුවෙයි / අමෙරිකාව කියයි

යුක්‍රේනයට තම දේශසීමා සම්බන්ධ ප්‍රශ්න විසඳීමට පෙර රුසියාව සමඟ සාකච්ඡා කිරීමට සිදු විය හැකි නමුත් එවැනි තීරණ කියෙව් වෙත පැවරිය යුතු බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් දැනුම් දී තිබෙනවා.

බ්‍රහස්පතින්දා පැවති කොන්ග්‍රස් රැස්වීමකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ක්‍රිමියානු අර්ධද්වීපය නැවත අත්පත් කර ගැනීමට යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ ප්‍රතිඥාව සදහා අමෙරිකාවේ සහාය දැක්වීම පිළිබද මෙහිදී විමසීම් සිදුකර තිබෙනවා.

මම හිතන්නේ යුක්‍රේන භූමියේ සටන් කිරීමෙන් යලි ලබා ගැනීමට යුක්‍රේනියානුවන් අධිෂ්ඨාන කරගෙන සිටින භූමි ප්‍රදේශයක් යුක්රේනයේ තිබිය හැකියි. ඒ වගේම ඔවුන් වෙනත් මාර්ගවලින් ආපසු ලබා ගැනීමට තීරණය කරන භූමි ප්‍රදේශයතුත් තිබිය හැකිය.නමුත් මේ සඳහා අපි බලපෑම් කිරීමට සූදානමක් නෑ,
ඔවුන්ගේ අනාගතය කුමක් විය යුතුද යන්න සහ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, රටේ ස්වාධීනත්වය අනුව එය ගොඩනැගෙන්නේ කෙසේද යන්න පිළිබඳ යුක්රේනය තීරණය කළ යුතුයි.

යුක්‍රේනය දිගටම සටන් කිරීමට තීරණය කළහොත් අමෙරිකාවේ නෙවෙනස් සහාය හිමිවන බවත් දැනුම්දීමට කැමතියි.

පුවත යවන්න