යුක්රේනයේ නගර 2ක ජනතාවට පලායාම සඳහා සටන් විරාමයක්

යුක්රේනයේ නගර 2ක් තුල තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දැනට වටලා පවතින මරියුපෝල් වරාය නගරය හා තවත් නගරයක පැය කිහිපයක් වෙනුවෙන් මෙම සටන් විරාමය ක්‍රියාත්මකයි.
නගරවාසීන්ට නගරවලින් පලායාම සඳහා මානුෂීය මට්ටමින් මෙම සටන් විරාමය පනවා තිබෙනවා.
මරියුපෝල් හි යුක්රේන නගරාධිපතිවරයා සදහන් කළේ , විකල්පයක් නොමැති බැවින් නගරයෙන් ඉවත්ව යන ලෙස ජනතාවට දැනුම් දෙන බවයි.
මෙහිදී ආරක්ෂිත මාර්ග නම් කර ඇති අතර ඒ හැර වනත් මාර්ගවල ගමන් කිරීම ද තහනම් වනවා.

පුවත යවන්න