නැගෙනහිර යුක්රේනයට අයත් ඩොනෙට්ස්ක් හා ලුහාන්ස්ක් කලාප 2 ස්වාධීන පාලනයන් ලෙස පිළිගැනීමේ නියෝගයකට රුසියානු ජනපති විලැද්මීර් පුටින් අත්සන් තබා තිබෙනවා.
මේ සමග එම කලාප වෙත පූර්ණ සහාය දක්වමින් රුසියානු හමුදාවන් නැගෙනහිර යුක්රේනයට ඇතුළු කිරීමට ද නියෝග ලබාදී තිබෙනවා.
මෙම තීරණයට යුක්රේනය දැඩි විරෝධය පල කළ අතර අමෙරිකාව ඇතුළු බටහිර පාර්ශවයන්ද ඊට විරෝධතාවය පල කළා.
යුක්රේන රජය සදහන් කළේ රුසියාවට තම රටේ බිම් අඟලක් හෝ ලබා නොදෙන අතර රුසියානු හමුදාවන්ට ඇතුළුවීමට ඉඩක් ද ලබා නොදෙන බවයි.
මේ පිළිබද සාකච්ජා කිරීමට ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ හමුවක්ද කැඳවා තිබෙනවා.
මේ පිළිබද දර්ශන සහිත සවිස්තර තොරතුරු පහතින්.