යුක්රේනයේ කියෙව් අගනුවරට ප්‍රහාර එල්ල කරමින් පවතින රුසියානු හමුදාවන්ට බරපතල මට්ටමේ ප්‍රතිප්‍රහාරයක් එල්ලවී පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.
ඒ අනුව කියෙව් අගනුවරට ඇතුළුවීමට තැත් කළ රුසියානු යුධ ටැංකි හා පාබල භට පිරිස්වලට බරපතල මට්ටමේ ප්‍රහාර එල්ලවී පවතින බවයි හෙළිකර ඇත්තේ.
මෙහිදී සිවිල් වැසියන් විසින් නිර්මාණය කළ බෝම්බ භාවිත කරමින් රුසියානු යුධ ටැංකි දෙකක් ද වනසා දැමීමට කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් අඛණ්ඩව එල්ලවන රුසියානු මිසයිල ප්‍රහාර හේතුවෙන් කියෙව් දැඩි පීඩනයකට ලක්ව තිබෙනවා.
මේ අතර යුක්රේන වාර්තා සදහන් කළේ මේ වන විට 1000 ක රුසියානු භට පිරිසක් ඝාතනයට ලක්ව ඇති බවයි.
අත්අඩංගුවට ගත් රුසියානු භටයන්ගේ දර්ශන ද මෙහිදී හෙළිකර තිබුණා.
මේ අතර රුසියාව පැවසුවේ යුක්රේන භටයන් ස්වේච්ජාවෙන් භාරවෙමින් සිටින බවයි.
කෙසේ වෙතත් හානි පිළිබද දෙපාර්ශවයේ ප්‍රකාශ මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැහැ.
මේ පිළිබද සවිස්තර තොරතුරු දර්ශන සහිතව ලංකා ඒ නිව්ස් අපගේ යු ටියුබ් නාලිකාවෙන්.