
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් යුක්රේන යුද්ධය අවසන් කර සාමය උදා කර ගැනීම සඳහා කොන්දේසි 6 ක් ඉදිරිපත් කර තිබේ.
1.යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා නොගත යුතු අතර කිසිවෙකුටත් පක්ෂපාතී නොවූ මධ්‍යස්ථ රටක් ලෙස යුක්රේනයේ නිල ස්ථාවරය වෙනස් විය යුතු වේ.
2.ක්‍රයිමියා අර්ධද්වීපය රුසියානු භූමියක් ලෙස යුක්රේනය පිළිගත යුතු වේ.
3.ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ජනරජ සමුහාණ්ඩු නිදහස් රාජ්‍යයන් ලෙස පිළිගත යුතු වේ.
4.රුසියාවට තර්ජනයක් වන සියලුම අවි ආයුධ යුක්රේනය බිම තබා නිරායුධ විය යුතුය.
5.යුක්රේනයේ ජාතිවාදී අදහස් වෙනස් විය යුතු අතර කලින් ජනාධිපති පුටින් පැවසූ පරිදි යුක්රේනයේ රජය වෙනස් විය යුතුය.
6.යුක්රේනයේ දෙවැනි නිල භාෂාව රුසියානු භාෂාව විය යුතු අතර එයට බාධා වන නීති යුක්රේනය විසින් ඉවත් කළ යුතුය.
මෙම යුද මෙහෙයුම අවසන් කිරීම සඳහා පුටින් විසින් මෙම කොන්දේසි 6 ඉදිරිපත් කරනු ලැබුවත් යුක්රේන රජය පැවසුවේ රුසියාවේ මෙම කොන්දේසි යථාර්ථවාදී නොවන බවය.