යුක්‍රේන යුද්ධය ළගදී ඉවර වෙන්නේ නෑ / නේටෝ මහලේකම් කියයි

යුක්රේනයේ විදේශ ආධාරකරුවන් දිගු කලක් තම හමුදා සහය පවත්වා ගැනීමට සූදානම් විය යුතු බව නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් දැනුම්දී තිබෙනවා.

ගාඩියන් පුවත්පතට අදහස් දක්වමින් නේටෝ මහලේකම් ප්‍රකාශ කළේ මෙම යුද්ධය කෙටි කාලීනව අවසන් නොවන බවයි.

රුසියාව සමඟ ගැටුමේ දී යුක්රේනයේ යුධෝපකරණ වියදම් නේටෝ අවි නිෂ්පාදන ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව ද මෙහිදී හෙළිකර තිබුණා.
නේටෝ ප්‍රධානියා එක්සත් ජනපදය ප්‍රමුඛ කන්ඩායමේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ, යුද ප්‍රයත්නය පවත්වා ගැනීම සඳහා ඔවුන්ගේ මිලිටරි වියදම් අවම වශයෙන් ජාතික වියදමෙන් සියයට 2ක සීමාවේ රදවාගත යුතු බවයි.

මේ වන විට රුසියාවේ ආයුධ සංචිතය ද පහත වැටී පවතින අතර එරට ඉරානය සහ උතුරු කොරියාව ඇතුළු අනෙකුත් ජාතීන්ගෙන් ආයුධ ලබාගැනීමට තැත් කරමින් පවති බවද නේටෝ ප්‍රධානියා ප්‍රකාශ කළා.

මෙහිදී චීනය හරහා රුසියාවට ආයුධ හිමිවීමේ හැකියාව ඉහළ බවටද අනතුරු අඟවා තිබෙනවා.

පුවත යවන්න