රංගේ බණ්ඩාරට යළිත් කැපිල්ලක්


තවත් අමාත්‍යවරුන් පිරිසක් අද (11) දිවුරුම් දුන්නද අමාත්‍ය ධුරයක් සදහා නම් යෝජනා වී තිබූ පාලිත රංගේ බණ්ඩාර මහතාට දෙවැනි වරටත් අමාත්‍ය ධුරයක දිවුරුම්දීමේ අවස්ථාව අහිමිව ඇතැයි තොරතුරු වාර්තාවනවා.
පාලිත රංගේ බණ්ඩාර මහතාට සමාජ සුබසාධන හා වයඹ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය ධුරය ලබා දීමට අගමැතිවරයා අනුමැතිය ලබා දී, ඊට අදාල යෝජනාව ජනාධිපතිවරයාට යොමු කර තිබූ බවටයි තොරතුරු වාර්තාවන්නේ.කෙසේ වෙතත් අද පෙරවරුවේ දිවුරුම්දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආරාධනා ලැබී ඇත්තේ වී.රාධා කි‍්‍රෂ්ණන්, රවීන්ද‍්‍ර සමරවීර හා අබ්දුල් මහරුෆ් යන මන්ත්‍රීවරුන්ට පමණයි.. 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න
© 2019 Lanka A news - Theme by HappyThemes