රටවල් 150කට උපකාර කළා / ඉන්දියාව උදම් අනයි

කොරෝනා වසංගත තත්ත්වය තුල රටවල් 150කට පමණ තම උපකාර ලබාදී ඇතැයි ඉන්දියාව පවසනවා.
ඉකොනොමික් ටයිම්ස් වාර්තා කළේ එන්නත් පරිත්‍යාග කිරීම හා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ පරිත්‍යාග කිරීම හරහා මෙම උපකාර සිදුකර ඇති බවයි.
එසේම අඩු මිලට කොරෝනා එන්නත් නිෂ්පාදනය මගින් ද මේ මොහොතේ ඉන්දියාව වැදගත් මෙහෙවරක් ඉටු කරන බව ඉන්දීය රජය ප්‍රකාශ කර තිබුණා.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාවේ නිපදවමින් පැවතීමද මේ සදහා මුල්වී තිබෙනවා.

පුවත යවන්න