හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද අලුයම දිවයිනෙන් පිටත්ව යාමට ගත් උත්සාහය අසාර්ථක වී තිබෙනවා. ඒ ගුවන් මගීන්ගෙන් බැසිල් රාජපක්ෂ ට එල්ලවූ විරෝධතාවක් හේතුවෙන්.
අද අලුයම ඊ කේ 664 දරණ ගුවන් යානයෙන් බැසිල් රාජපක්ෂ විදේශ ගතවීම සදහා ගුවන් තොටුපොල වෙත පැමිණ තිබෙනවා. එමිරේට්ස් ගුවන් සමාගම හා ආගමන විගමන බලධාරීන් එහිදී දන්වා ඇත්තේ ගුවන් මගීන් විරෝධතාවක් දක්වන බැවින් එම ගුවන් යානයෙන් ඔහුට විදේශ ගතවීමට අවස්ථාව සළසා දිය නොහැකි බවයි. ඉන් අනතුරුව බැසිල් රාජපක්ෂ ගුවන් තොටුපලෙන් පිටව ගොස් තිබෙනවා.