රටින් පිටව නොයා සැඟව සිටි බ්‍රිතාන්‍ය තරුණිය සොයා විමර්ශන

ගාලු මුවදොර අරගලයට එක්වෙමින් වීසා කොන්දේසි කඩ කළ බවට චෝදනා පිළිගෙන රටින් පිටවීමේ නියෝගය නොතකා සැඟවී සිටින බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තරුණිය වහාම අත්අඩංගුවට ගෙන මිරිහාන රැඳවුම් කඳවුරට යැවීමට ආගමන විගමන නිලධාරීන්ට නියෝග කර ඇත.

ඒ ආරක්ෂක අමාත්‍යාංශය ලබාදුන් උපදෙස් මතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහායට ඇය සොයා විමර්ශන අරඹා තිබේ.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ස්කොට් ජාතික කේලි ෆේසර්ට මෙම 15 දාට පෙර රටින් පිටව යන ලෙස නියෝග කර තිබුණේ ඇයට එරෙහිව එල්ල වන වීසා කඩකිරීමේ චෝදනා පිළිගත් පසුවය.

දැනටමත් මෙම විදෙස් කත සැඟවී සිටින තොරතුරු මෙන්ම ඇයට මෙරට සිට උදව් උපකාර දෙන ඉහළ නිලධාරීන් ගැන අනාවරණය වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය.

අත්අඩංගුවට ගත් පසුව ඇයව විදෙස් ගතවීමට ගුවන් ටික්ට් පත් ලැබෙන තුරු මිරිහාන ආගමන විගමන කඳවුරේ රැඳවීමටත්, අසාදු ලේඛන ගතකර (Black Listed) ඇයව පිටුවහල් කිරීමටත් උපදෙස් ලබාදී තිබේ

පුවත යවන්න