සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගය සමඟ රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට එකතු විය හැකි බව සජබ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
මෙරට ප්‍රධාන විපක්ෂය සමඟි ජන බලවේගය යැයිද ඒ වටා එකතුවෙනවා මිස එහි මන්ත්‍රීවරුන් සුළු සුළු පක්ෂ සමඟ එකතු නොවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
මේ මොහොතේ පොදු මහජනතාවගේ ප්‍රශ්න විසඳීමට සියලු බලවේග සජබ වටා ඒකරාශීවෙමින් සිටින බැවින් රනිල් ඇතුළු පිරිසටත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය වටා එකතුවිය හැකි බව ඒ මහතා තවදුරටත් සදහන් කළා.