රනිල් යළි අගමැති කරන්න එජාපයේ ඒකමතික තීන්දුවක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතික තීරණයකට එළඹ තිබෙනවා.
ඒ ඊයේ පස්වරුවේ පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි.
වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය කිසිසේත්ම ලබා නොදන බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශ්‍ය ව්‍යවස්ථා විරෝධී බව හා බහුතරය පවතින මන්ත්‍රීවරයාට අගමැති ධූරය ලබාදිය යුතු බවට වන ප්‍රතිපාදනයන්ද මෙහිදී අවධානයට ලක් කළ බවයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.