රඹුක්කන නගරයේ සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් අයකු මියගොස් ඇතැයි කෑගල්ල රෝහලේ ප්රකාශකයෙක් කීය.
තුවාල ලැබූ 11 දෙනකු කෑගල්ල රෝහලේ ප්රතිකාර ලබන බව ද පොලිසිය සඳහන් කරයි. මේ වන විට ප්රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදාව කඳවා ඇතැයි ද වාර්තා වෙයි.
කෑගල්ල රෝහල් අධ්යක්ෂවරිය එක් අයකු මියගොස් ඇති බව තහවුරු කළාය. පැය 15කට අධික කාලයක් දුම්රිය මාර්ගය වසා සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය උද්ඝෝෂකයන්ට කඳුළුගෑස් ප්රහාරයක් එල්ල කළ අතර ඒ අවස්ථාවේ පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. ඒ අතර තුර වෙඩි ප්රහාරයක් එල්ල වූ බවට වාර්තා වෙයි.
Army has been called to control the situation in #Rambukkana, reports Hiru #LKA #SriLanka.pic.twitter.com/85OkmdIKAY
— Sri Lanka Tweet 🇱🇰 💉 (@SriLankaTweet) April 19, 2022