රඹුක්කන විරෝධතාවය අතරතුර හටගත් ගැටුම හා පොලිස් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 24ක් බවට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම පිරිස අතර පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද සිටින බවයි.
රඹුක්කන ප්‍රදේශයේදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පිරිසෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂවරිය තහවුරු කළා.
අද අලුයම 1.30ට පමණ විරෝධතාවය ආරම්භ කිරීමත් සමග රඹුක්කන – මාවනැල්ල, රඹුක්කන – කෑගල්ල සහ රඹුක්කන කුරුණෑගල යන ප්‍රධාන මාර්ග තුනේම ගමනාගමනය ඇනහිට තිබුණා.