රුසියාව නැගෙනහිර යුක්රේනයේ මෙහෙයුම් ආරම්භ කිරීම සමඟ වසර හතකට වැඩි කාලයකට පසු පළමු වරට තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා තිබෙනවා.
මේ සමග ආසියානු කොටස් වෙලඳපොල සියයට 2ත් 3ත් අතර මට්ටමකින් අද පහත වැටී තිබෙනවා.
මේ හරහා ලෝකයේ රටවල් රැසකට බලපෑම් මතුවිය හැකි බවයි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.
මේ සමග ආයෝජකයින් ආරක්ෂිත වත්කම් වෙත මාරුවෙමින් පවතින අතර රන් මිල වසරකට වැඩි කාලයක් තුළ ඉහළම අගයට ළගාවී තිබෙනවා.
මතුවූ තත්ත්වය තුල එක්සත් ජනපද ඩොලරය සහ ජපන් යෙන් ද ශක්තිමත් වෙමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.