රුසියාවට අයත් වෙළඳ නෞකාවක් ප්‍රංශය විසින් තම භාරයට ගෙන තිබෙනවා.
බෝල්ටික් ලීඩර් ලෙස හදුන්වන මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඉංග්‍රීසි ඕඩයේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර රුසියාවට පනවා ඇති වෙළඳ සම්බාධක කඩ කරමින් යාත්‍රා කිරීම මතයි මෙම පියවර ගෙන ඇත්තේ.
සම්බාධක මගින් ඉලක්ක කර ඇති රුසියානු අවශ්‍යතා සමඟ නෞකාව සම්බන්ධ බවයි ප්‍රංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
පැරීසියේ රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලමින් පවතින බවයි.