රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සඳහා ශ්රී ලංකාව ඡන්දය ප්රකාශය කිරීමෙන් වැළකී සිට තිබේ.
අදාළ යෝජනාව සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීය ඊයේ (02) දිනයේ සිදුකළ අතර ඊට පක්ෂව රටවල් 141ක් ඡන්දය ප්රකාශ කර තිබේ.
රටවල් 5ක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්රකාශ කර ඇති අතර රටවල් 35ක් ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටී.
රුසියාව, බෙලරුසය, එරිත්රියාව, උතුරු කොරියාව සහ සිරියාව යන රටවල් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්රකාශ කර ඇති අතර ශ්රී ලංකාව ඉන්දීයාව, පාකිස්ථානය, චීනය, දකුණු අප්රිකාව, සිම්බාබ්වේ ඇතුළු රටවල් 35ක් ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටි අතර ඉන් බහුතරය ආසියානු රටවල් වීම විශේෂත්වයකි.
රුසියාව සිය ආක්රමණය වහාම නතර කළ යුතු බවත් රුසියානු හමුදා යුක්රේනයෙන් ඉවත විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුකුලව කටයුතු කළ යුතු බවත් සඳහන් කරමින්, එක්සත් ජාතීන්ගේ විශේෂ මහ මණ්ඩලයට සැසිවාරයට අදාළ යෝජනාව ඉදිරිපත් වු අතර ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකට අනුව එම මහ මණ්ඩල සැසිවාරය කැඳවනු ලැබීය.