රුසියාවෙන් නේටෝවට අවසන් නිවේදනයක් – ආක්‍රමණයක් ආසන්නයේ ?(Video)

බල්ගේරියාවෙන් හා රුමේනියාවෙන් නේටෝ හමුදා ඉවත් කර ගැනීමට පියවර ගන්නා ලෙස රුසියාව නේටෝ සංවිධානය වෙත දැනුම්දී තිබෙනවා.
රුසියානු විදේශ අමාත්‍යවරයා නේටෝව වෙත මේ බව දැනුම් දී ඇත්තේ යුක්රේනය සම්බන්ධ ගැටුම්කාරී තත්ත්වයක් වැලැක්වීමේ පියවරක් ලෙසයි.
1997 වන විට නේටෝ සංවිධානය ව්‍යාප්තව පැවති කලාපය දක්වා නේටෝව පසුබැසිය යුතු බවද මෙමගින් දන්වා තිබෙනවා.
මේ වන විට රුසියාව ආසන්නයේ රදවා පවතින නේටෝ හමුදා, නේටෝ අවි හා මිසයල ඉවත් කර ගැනීම ද රුසියාවේ කොන්දේසියක් වනවා.
ඉදිරි දින කිහිපය තුලප රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන බවටයි බුද්ධි අංශ වාර්තාවන් මගින් අමෙරිකාව අනාවරණ කළේ.
මේ වන විට යුක්රේනයේ පාර්ශව 3කින් රුසියානු හමුදා රදවා පවතින අතර ඕනෑම මොහොතකදී ආක්‍රමණය ආරම්භ වනු ඇතැයි ද අමෙරිකාව දැනුම්දී තිබෙනවා.
මෙසේ නේටෝව වෙත රුසියාව සිදුකළ දැනුම්දීම අවසන් නිවේදනය විය හැකි බවයි ජාත්‍යන්තර මාධය සදහන් කළේ.
මතුව ඇති තත්ත්වය තුල අමෙරිකාව, බ්‍රිතාන්‍ය , තුර්කිය විසින් යුක්රේනය වෙත මිසයිල හා ආයුධ සපයන අතර එයද රුසියාවේ කෝපය වර්ධනයවීමට බලපා තිබෙනවා.
සවිස්තර වීඩියෝව..

පුවත යවන්න